ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ ජාතික ජන බලවේගය අතර හමුවක් - Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ යමිනි මිශ්රා, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩෙප්‍රොස් මුචෙනා, රෙහාබ් මහමූර්, ත්‍යාගි රුවන්පතිරණ, බාබුරාම් පාන්ට් ඇතුළු නියෝජිත පිරිසක් අද (29) දින ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික නීතීඥ හර්ෂණ නානායක්කාර සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර ඇතුළු පිරිසක් හමුවූහ.

මෙහිදී ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ නියෝජිතයින් විසින් එම සංවිධානයේ 2022 වාර්ෂික වාර්තාවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ වාර්තාව ජාතික ජන බලවේගයේ අවධානය යොමු කරන ලද අතර ඒ වෙනුවෙන් ඔවුන් වෙත ජාතික ජන බලවේගයේ ස්තූතිය පළ විය.

වත්මන් ආණ්ඩුව විසින් බලාත්මක කිරීමට සූදානම් වන නව ත්‍රස්ත විරෝධී පනත, අධිකරණ තීන්දු නොසලකා හැරීම, උද්ඝෝෂණයන්ට එරෙහිව තහනම් රසායනික අඩංගු කඳුළු ගෑස් භාවිත කිරීම ඇතුළු ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ජාතික ජනබලවේගයේ නියෝජිතයින් විසින් මෙම නියෝජිත පිරිසට කරුණු දක්වන ලදී.

Facebook
Twitter
LinkedIn

© Copyright 2002 - 2021 Lanka Truth - Most Reliable Latest News from Sri Lanka. All Rights Reserved.