රනිල්ගේ තුරුම්පු ආසියා කුජීතයි - Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka

රනිල්ගේ තුරුම්පු ආසියා කුජීතයි

රනිල්ගේ තුරුම්පු ආසියා කුජීතයි

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මැයි දිනයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශයට පත් කරන ලද වතු කම්කරු දිනක වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ දැමීමේ ගැසට් නිවේදනය අන්ත ප්‍රෝඩාවක් බව එක් දිනයක් ගතවීමටත් පෙර තහවුරු වී තිබේ.

මේ සම්බන්ධයෙන් අද (02) නිකුත් කරන ලද පුවත්පත්වල පල කර තිබූ ප්‍රවෘත්තිවලින් එය තහවුරු වන අතර අතර එම ප්‍රවෘත්ති සිරස්තල උපුටා ගෙන පහත දැක්වේ.

01. වතු කම්කරු වැටුප රුපියල් 1,700.00ට වැඩි කරයි. – ගැසට් නිවේදනය නිකුත් වෙයි. / වැඩි පඩි දෙන්න බෑ. -වතු හාම්පුතුන් උසාවි යාමට සැරැසෙයි. (මව්බිම)

02. වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700.00 දක්වා වැඩි කරනවා. – ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ කොටගල මැයි රැලිය අමතමින්, ජනපති රනිල් කියයි. / කම්කරු වැටුප රුපියල් 1,700.00 කරන්න බෑ. – ගැසට් එක ආපසු හරවන්න උසාවි යනවා. – වතු හාම්පුතුන් කියති. (දිවයින)

03. රුපියල් 1,700.00ක වතු කම්කරු දෛනික වැටුපට එරෙහිව වතු හාම්පුතුන් අධිකරණයට. – ගැසට්ටුව ගැසීමට පෙර වතු සමාගම් සමඟ සාකච්ඡා කළේ නෑ. – වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700.00 දක්වා වැඩි කරන්නත් බෑ. (අද)

04. වතු කම්කරු වැටුප රුපියල් 1,700.00ට නංවයි. – රජයෙන් ගැසට්ටුවක්. / අපට ගෙවන්න බෑ, උසාවි යනවා. – හාම්පුතුන්ගේ සංගමය. (ලංකාදීප)

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් පසුව අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබුණද මේ දක්වා එය නිසා ආකාරව ක්‍රියාත්මක කර නොතිබුනු පසුබිමක් යටතේ රුපියල් 1,700 දක්වා වැඩි කරන බවට ගෙන ගිය ප්‍රචාරය මේ වනවිට මුළුමුණින්ම අසාර්ථක වී තිබේ.

Facebook
Twitter
LinkedIn

© Copyright 2002 - 2021 Lanka Truth - Most Reliable Latest News from Sri Lanka. All Rights Reserved.