කනපිට පෙරලුණු ජීවිතය - Ranarangam (2019) [සිංහල උපසිරැසි සමග ]



ඔන්න අදත් ඔක්කොලාවම ආයුබෝවන් කියලා පිලිගන්නවා තවත් තෙලිඟු චිත්‍රපටයක් එක්ක.අද අරන් ආවෙ Ranarangam කියන තෙලිඟු චිත්‍රපටය.මේක අයිති වෙන්නෙ action,crime කියන ඛාණ්ඩයට තමයි.IMDB දර්ශකයේ 5.9ක අගයක් මේ චිත්‍රපටයට තියෙනවා

මේකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ දේවා.ගමක ඉන්න කොල්ලෙක්.මෙයා කරන්නෙ යාලුවො එක්ක එකතු වෙලා වැඩි ගානට චිත්‍රපටි ටිකට් විකුනන එක.ඔහොම ටික කාලයක් ගත වුණා.ප්‍රදේශයේ මත්පැන් විකිණීම තහනම් කරා රජය විසින්.ඒත් දේවා ඒක වාසියක් විදිහට පෙරලගෙන හොරෙන්ම මත්පැන් විකුණනවා.ඔය අතරේ බස් හෝල්ට් එකට එන කෙල්ලෙක්ටත් දේවාගෙ හිත යනවා.ඒත් එකපාරම ඔක්කොම දේවල් උඩු යටිකුරු වෙනවා ? දේවගේ ජීවිතේම පැටලුනු නූල් බෝලයක් වගේ වෙනවා

ඉතිං එකපාරම එහෙම වෙන්න හේතුව මොකද්ද ?

බස් හෝල්ට් එකේ හිටපු කෙල්ල මේ දේවල් වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?

දේවාට මේ ප්‍රශ්න වලින් ගැලවිල්ලක් ලැබෙයිද ?

මේ ප්‍රශ්න ටිකට උත්තර හොයන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා 😍






සිංහල උපසිරැසිය










Comments